
charitha attalage feat. chamara nirmal - nawum kale lyrics
නැවුම් කළේ පොඩි නැවුම් කළේ උඹ
නැවුම් සුවඳ අඩු නෑ
අලුත් ළිඳේ දියවරින් පුදන්නට
කැමැත්ත දෙයි සැක නෑ
පොලෙන් ගෙනා පොඩි නැවුම් කළේ උඹ
නැවුම් සුවඳ අඩු නෑ
අලුත් ළිඳේ දියවරින් පුදන්නට
කැමැත්ත දෙයි සැක නෑ
බිතක්කනට පිටදී නිය සැපුවයි
සැරින් සැරේ ඇහැ විදුලිය කෙටුවයි
බිතක්කනට පිටදී නිය සැපුවයි
සැරින් සැරේ ඇහැ විදුලිය කෙටුවයි
යමින් එමින් ඇඹරෙයි මගේ හිත
බාන කඩාගෙන යයි
යමින් එමින් ඇඹරෙයි මගේ හිත
බාන කඩාගෙන යයි
ඇබිත්තකට හිටපං තව නොදුවා
කොනිත්තමින් ගියෙ ඇයි මට පිටුපා
ඇබිත්තකට හිටපං තව නොදුවා
කොනිත්තමින් ගියෙ ඇයි මට පිටුපා
දාංගලේ බොහොමයි මගෙ නංගියේ
මේං මේක අහපං
දාංගලේ බොහොමයි මගෙ නංගියේ
මේං මේක අහපං
නැවුම් කළේ පොඩි නැවුම් කළේ උඹ
නැවුම් සුවඳ අඩු නෑ
අලුත් ළිඳේ දියවරින් පුදන්නට
කැමැත්ත දෙයි සැක නෑ
පොලෙන් ගෙනා පොඩි නැවුම් කළේ උඹ
නැවුම් සුවඳ අඩු නෑ
අලුත් ළිඳේ දියවරින් පුදන්නට
කැමැත්ත දෙයි සැක නෑ
Random Lyrics
- nu drama - eclipsi lyrics
- child bite - abysmal splatter lyrics
- physics boys - frosty lyrics
- faab-e - back im buiss lyrics
- lil zyzy - fakes lyrics
- ultimate fakebook - hey gemini lyrics
- солома (soloma ru) - невада тян (nevada chan) lyrics
- di-rect (nld) - here & now lyrics
- lonelyfox - s.t.b. (we want the cash) lyrics
- la felpa & el loe - mi nena lyrics