kaizer kaiz - liyuma lyrics
(kaizer kaiz)
අම්මේ අද මගේ 16 වෙනි උපන් දිනේ
මතකෙට ආවෙ සමරපු හැටි 6 වෙනි එක මගේ
ලියුමක් ලියන්න හිතා ගත්තා තනිවෙලා මගේ ලොකේ
ඉස්සර වගෙනන් නුබ තමයි මුලින්ම සුබ පැතුවේ
අනාථ මඩමේ කෑම අම්මේ මට වහයි
උබෙන් ගුටියක් කෑවත් මට ඊට වඩා රහයි
තරහක් එනවා හිතට මාව දාල ගිය එකට
ආදරෙයි නුබට මගේ හීනෙට හරි එනවට
මවා ගන්නවා නුබේ රූපේ මගේ හිතින්
අකුරු බොද උනේ කදුළු වැටෙන නිසා නෙතින්
හදින් අපි ලං වෙලා ඉන්න නිසා
තනියක් නැහැ අම්මේ හිටියට දුරින්
එක පාරක් ලගට ඇවිත් අල්ලගන්න අතින්
පරිවාසේට එන්න උනා සමාවෙන්න ඉතින්
අනාථ උන විනාශ උන කාලකන්නි හිතින්
මම සුබ පතනවා ඉන්න තැනක ඉන්න අම්මේ හොදින්
hook (lil neo)
දෙවියන්දෝ මා හට කුරිරු උනේ – ඉරණමදෝ මේ මගේ
මං ඉන්නේ ඔබේ – මතකේ දැවටිලා
අසරණ වී එදා – මතකේ ගිනියම් උනා
අද වුණු ජීවිතේ – ලියුමක ලිය උනා
(kaizer kaiz)
බලන්න සැප ළමයි මැරෙද්දි පාරේ
තාත්තලා එක් වෙලා බිවුවා කෙලෙසන කාලේ
මම අම්ම හොයනවා පීරලා තුන් ලෝකේ
තවත් එකෙකුගේ අම්ම මරලා ගන්න ඇගේ මාලේ
ජීවිත යකඩ මරණය කාන්දම
ඒ කාන්දම මාවත් අදිනවා ටික ටික
මොන රජෙක් උනත් අපි මැරෙනවා දවසක
තව ඉවසන්න බැහැ මාව ගන්න නුබේ ලගට
අවතාර වාගේ සිතුවිලි තනිකම ගාව
තනියම අඩනවා නිදියනකන් තාම
අම්මේ නුබ අද නැති නිසා මගේ ගාව
තනිවෙලා මම මාංචු නැති හිර ගේක
අවුරුදු ගානක් නුබට ලියපු ලියුම් මිටිය
එවනවා දන්නවනං දිව්‍ය ලෝකයේ ලිපිනය
ඇරයුම සතුටට දුක ආවෙ සාදෙට
උපන් දිනේ දවසෙම නුබ ගියා සුනාමියට
hook (lil neo)
දෙවියන්දෝ මා හට කුරිරු උනේ – ඉරණමදෝ මේ මගේ
මං ඉන්නේ ඔබේ – මතකේ දැවටිලා
අසරණ වී එදා – මතකේ ගිනියම් උනා
අද වුණු ජීවිතේ – ලියුමක ලිය උනා
නරකාදිය ඉදි කරන් – මාහා රළක සැගවුනා
නරකාදිය ඉදි කරන් – ඔබ නිහඩව බොද උනා
මාගේ ජීවිතේ මර උගුලක් උනා
දෙවියන්දෝ මා හට කුරිරු උනේ – ඉරණමදෝ මේ මගේ
මං ඉන්නේ ඔබේ – මතකේ දැවටිලා
අසරණ වී එදා – මතකේ ගිනියම් උනා
අද වුණු ජීවිතේ – ලියුමක ලිය උනා
lyrics added by – wagmee
Random Lyrics
- swag toof - 100 blades lyrics
- yung spitta - when we fallout lyrics
- dayouk swirzz - mete tira e circula lyrics
- henry wagons - head or heart lyrics
- death tour - off! lyrics
- uk blinks: halle and grace - ddu-du ddu-du english parody lyrics
- coreykite$ - no me$iah lyrics
- js aka the best - 2pacalypse now lyrics
- coldcloud - доступ (access) lyrics
- blowfly - fakin' the bi lyrics