
keefa (rap) - asala (ඇසල) lyrics
1st verse
පාලුයි දැන් උඹ නැති අපායක් මේ ගේම
අයියෙක්ට මල්ලියෙක් තමයි නේ හැමදේම
උනාට පස් දෙනෙක් දුවන්නේ එක ලේම
ඔය නැති උනා මාත් ඇතුලෙන් මැරුනා එවෙලේම
නිවන්න බඩගින්න තියෙන දේ තම්බලා
ජිවිතෙ දිනන්න හොඳ නරක උගන්නලා
වැටෙන හුස්මක් ගානේ පිටතට නොපෙන්නුවත් කාටත් වඩා වැඩියෙන්ම දුක් උනේ මේ අම්මලා
රංකඳ නැතුව කඳුලෙන් දෑස තෙත් වී
කෝ පන ඇසල මම ඔයාගෙ නෙත්මි
කෙසේද දරාගන්නේ ඔයාගෙ වියෝවෙන් පස්සෙ හිනා වෙන්න වාරු ගන්න හිත නෑ සමත් වී
කිසිම කතාවක් නැ ගොලු වෙයි මොහොතකට ඇස් පිල්ලම් නොගහා බලන් ඉද්දි උඹ අසල
කාගෙවත් හිනාවක් නෑ ගමම වී සසල
ලබන භවයෙදි ආයෙත් හම්බු වෙමු ඇසල
hook [ liyan ]
මගේ පුතේ හිනා වෙන්න මගේ චුටි පුතේ බදාගන්න මාව..//
2nd verse
නෑ හිත එක් තැන් දුවන්නෙ හොයන් මතක
ඔයා නැති විනාඩියත් දැනුනේ වගේ ශතක
තවත් බෑ ජීවත් වෙන්න චූටි පුතේ අම්මට නම් යන්න කියයි හිත මේ ඔලු හැරුනු අතක
දැන්වත් ඇස් ඇරේවිදෝ කියලා බලාගෙන
ඉද්දි යයි දුක් ගඟක් පපුතුරේ ගලාගෙන
වැඟිරෙයි මුහුදකට කඳුලු එක්කෝ මැරිලාවත් ගියා නම් එකක් මේ පපුවවත් පලාගෙන
වෙයි අකමැති දේවලුත් වෙන් නෑ කැමැත්තම
මගේ උන් දැන් ඇති හොල්ලගෙන කනත්තම
සක්කරයා කිව්වා වීසා තිබිලත් මුන් එන්නෙ නැත්තෙ උන් ආවොතින් සික් වෙනවා හින්දලු කනත්තම
එපා යන්න කවුරුත් අකාලයේ නැසී
සෙන්පති නැති වෙද්දි හමුදාවත් පසූ බසී
ඔව් මටත් ඇඬුනා අයියාගේ අඳෝනාව ඇසී
කවද්ද කෝප්පයක් ගහන්නේ වට වෙලා මසී
hook [ liyan ]
මගේ පුතේ හිනා වෙන්න මගේ චුටි පුතේ බදාගන්න මාව//
Random Lyrics
- youngboy never broke again - leave me (leaked) lyrics
- gabriela rocha - morreu na cruz lyrics
- lustty - prettydemonswag lyrics
- cesk freixas - l'arbre del demà lyrics
- infinitoria - cage of delusion lyrics
- mc luanna - meu problema lyrics
- jamie miller - untie the knot lyrics
- lyb coca - растворимое (instant) lyrics
- roundliver - пакажы мне свае грошы (show me your money) lyrics
- caleb von - waiting lyrics