azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

prabath akalanka - danena duka sangawa lyrics


දැනෙන දුක සගවා
ලොවට හිනැහෙන්නම් මා
මනමාලි වීලා

ඔබ වෙන්වෙලා යන නිසා
ආයෙමත් එන්නෑ කියලා
දැන දැනත් කිසිදා
යාලුවෙක් වාගේ හැමදා
ඉන්නේ කොහොමද මා
වෙන කෙනෙකු හා යන විට ඔයා
පිටගම් බලා

පොත් මිටක් තිබුන ඔබෙ අතේ
මල් මිටක් රදවලා
පෝරුවේ හිදින විට ඔහුත් එක්ක
මගෙ දිහා බල බලා
හරි ලස්සනයි අද ඔයා
එය ඇස්වහක් වෙන්නෙපා
ආයෙමත් එන්නෑ කියලා
දැන දැනත් කිසිදා
යාලුවෙක් වාගේ හැමදා
ඉන්නේ කොහොමද මා
වෙන කෙනෙකු හා යන විට ඔයා
පිටගම් බලා

ඔහු දැමුව මගුල් මාලයේ
වටින කමටත් වඩා
පෙර දිනේ ඔබට පෙම් කලා
දිවිය පරදුවට මම තියා
මගෙ ආයුෂත් ගෙන සදා
ඔබ ඉන්න දිවි ඇති තුරා

දැනෙන දුක සගවා
ලොවට හිනැහෙන්නම් මා
මනමාලි වීලා
ඔබ වෙන්වෙලා යන නිසා
ආයෙමත් එන්නෑ කියලා
දැන දැනත් කිසිදා
යාලුවෙක් වාගේ හැමදා
ඉන්නේ කොහොමද මා
වෙන කෙනෙකු හා යන විට ඔයා
පිටගම් බලා



Random Lyrics

HOT LYRICS

Loading...