
rod recordz - wasagamak (වාසගමක්) lyrics
[verse – pami]
ජීවිතේම ප්‍රශ්නයක් මාරු වෙද්දී වාසගමක්
අද ලං වෙන අය හෙට නැති හාස්කමක්
හොයාගනින් ගැලපීමක් නැත්තන් වෙන්නේ වැනසීමක්
එක පාර හොයා ගනින් ජීවිතේට සැනසීමක්
පවුල් කෑවේ මාසයයි කෙල්ලගේ වයස දාසයයි
කාලකන්නි කලේ ප්‍රේමයේ ඔය තීරණයි
ආවේ ගෙදරින් පීඩනයි වෙන් වෙන්න කාලයයි
ඒවා ඔලුවේ නෑ කෙල්ලේ දා ගත්තේ බන්ඩියයි
ප්‍රශ්න එද්දී කෝටියයි දාන්නේ හීන් දාඩියයි
සල්ලිත් අතේ නෑ රෑට කන්නේ පාන් වාටියයි
ජීවිතේම හානි කරා වෙඩින් එකේ පාටියයි
වැරැද්ද හදා ගන්න බැරි මේක අමුතු ජාතියයි
කාලයක් හොඳට ඇන්දුනා කාලයක් යද්දී රැවටුනා
ජීවිතේ මට වැටහුනා ආදරෙන් පැරදුනා
ප්‍රශ්න ගොඩක පැටලුනා කව්රුත් ළඟ නැති උනා
මගේ ජීවිතේ කොටු වෙලා සිරකුඩුවේ හිරවුණා
[hook]
ජීවිතේ ඒ මාවතේ අපේ ආදරේ
ඒ ආදරේ වී කෑදරේ පැතුමන් අපේ
[verse sapz]
ජීවත් වෙන්නේ සතුටින් නම් මොකටද බොලා කේන්දර
ප්‍රේම සම්බන්ධයක් වුනත් හදනවා බොලා කතන්දර
ගැටවර වයස කාට කාටත් ඇරිය වගේ වාන් දොර
කෙල්ල දාලා ගියොත් බෙල්ල වැල දාලා පාන්දර
අම්මේ මෙයා මගේ ඉන්න ඕනේ මට මෙයත් එක්ක
බෑ බෑ එහෙම මෙතනින් අහවර කර ගනින් ඕක
මට බෑ මට බෑ කුලමල බේද හින්දා මෙහේ ඉන්න
අද රෑ අපි පැනලා යමු දුර ඈත නවතින්න
විවෘත මනසින් බැලුවේ නෑ තහංචි දැම්ම නිසා එකම දුව පැනලා ගියා
පෑනේ තීන්ත ඉවර වෙනකන් ලියලා කොලේ ඉරලා ගියා
කොල්ලා කට්ටයා අර තට්ටයා උගේ දුව අතෑරියා
කෙල්ලගේ දුව පේමන්ට් එකේ තිය ගියා
කලබල වෙලා කෙල වෙලා ගියේ බොරු වැඩ කල නිසා
වෙන දෙයක් කලේ නෑ ඔලු වල හීන පිරෙව්වා මිසක්
බොලා බැන බැන ගියේ කොල්ලට විතරයි කියමින් ඌ පිස්සා
හැබැයි නයා ගියේ තුඹස දැනුවත්වයි අස්සට ලිස්සා
[hook]
ජීවිතේ ඒ මාවතේ අපේ ආදරේ
ඒ ආදරේ වී කෑදරේ පැතුමන් අපේ
Random Lyrics
- aaron taylor - i ain't worried - interlude lyrics
- messer michi - sommer (liquid dnb rmx) lyrics
- ellen foley - the time is now lyrics
- malcolm mclaren - jive my baby (duck rock version) lyrics
- sweet talk radio - talk to me lyrics
- petar aničić - heartbeat (polish version) lyrics
- li trap - #hashtag lyrics
- drug flash - парад огней (parade of lights) lyrics
- dj gimi-o, bardhi & fifi - du & ich lyrics
- jackie lawrence - un homme est venu lyrics