smokio - heena lyrics
[chorus: suwahas & smokio]
යං යං යං හීනෙට ඇවිදන් යන් මන්දාකිනියම පීරන්
ලැබෙන දෙයක් නෙවෙයි එක පැයකින් එක රැයකින් එකයි තාමත් අත් හරින්නේ නැතුව අල්ලන් ඉන්නේ දෑතින්ම
යං යං යං හීනෙට ඇවිදන් යන් මන්දාකිනියම පීරන්
යාතාර්ථය ගාවට නෑ ඇවිත් ගොඩක් ඇතින් දැක්ක හීන වල ජිවත් වෙන්න කාලේ හරි ලෑස්තිද?
[verse 1: smokio]
හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕනේ
මගේ හීනේ වෙනස් අමුතුයි දැක්ක කෝණේ
දැක්ක දැක්ක හීන ඇත්තක් නොවුනත් හැමෝගෙම
ඇත්තක් කර ගත්තා මම දැක්ක හීන ලෝකෙම
මං විතරමයි විශ්වාස කලේ මාව
වැපිරු තරම නෙළා ගත්තා ඵලදාව
දකිද්දි දැන් අම්මාගේ මූණේ තියෙන හිනාව
දෝරේ ගලනවා සතුට මගේ ඇස්වලින් පිටාර
හැකියාවයි කැපවීමයි කළා මාව අංක එක
දන්න දේ අන් අයටත් දුන්නා හිටියේ නෑ මං හංගගෙන
තාමත් පිළිගන්නෑ හද නැත්තම් තරු ගන්න එක
මම එන්නේ හදත් අරන් තරුත් වැස්සක් වස්සගෙන
තනියමත් නෙමෙයි මගෙ උන්වත් අතින් අල්ලගෙන
තනියට නෙමෙයි ඒකයි ක්‍රමේ මං අවංක වෙන
පසුතැවෙන්නෑ මං සිද්ධ වුණත් ඇස් වහන්න හෙට
මගේ උන් අභිමානෙන් මාව අරන් යයි කනත්ත වෙත
[chorus: suwahas & smokio]
යං යං යං හීනෙට ඇවිදන් යන් මන්දාකිනියම පීරන්
ලැබෙන දෙයක් නෙවෙයි එක පැයකින් එක රැයකින් එකයි තාමත් අත් හරින්නේ නැතුව අල්ලන් ඉන්නේ දෑතින්ම
යං යං යං හීනෙට ඇවිදන් යන් මන්දාකිනියම පීරන්
යාතාර්ථය ගාවට නෑ ඇවිත් ගොඩක් ඇතින් දැක්ක හීන වල ජිවත් වෙන්න කාලේ හරි ලෑස්තිද?
[verse 2: smokio]
මදි ලංකා සිතියම මදි ලෝකෙත් මට
ඕනේ මගේ කල්පිතයෙන් මත් කරන්නයි මන්දාකිණියම
හරිම දේවල් ලැබුණා මට හරිම විදිහට
විශ්වේ මාව උරඟා බැලුවා රන් අරිනවා මෙන් ගිනියම
ඕනනම් ගත්තා මිසක් දේවල් ඉබේ ලැබුන් නෑ
එකට පටන් ගත්ත කව්රුත් අවසානෙ තෙක් රැඳුන් නෑ
යතුර අතට ලැබුන් නෑ..දොර ඉබේ ඇරුන් නෑ
මැරුනට පස්සෙත් මිනිස්සු කියයි නෑ ස්මෝකා මැරුන් නෑ
ගිනි ගත්ත ලෝකෙට මම වෙන්නම් සීතල හුළඟක්
මගේ කතාවත් වේවී අමරණීය පුවතක්
පැද යාවි මගේ නෞකාව නොතිබුනත් රුවලක්
හෙළ කලාවෙහි නම රැඳෙයි කල්ප කලක් සුවහස්
[chorus: suwahas]
යං යං යං හීනෙට ඇවිදන් යන්
මන්දාකිනියම පීරන්
යං යං යං හීනෙට ඇවිදන් යන්
මන්දාකිනියම පීරන්
[verse 3: smokio]
ඔව් හිතන්නෑ මං ආයෙමත් හැරෙන්න
හිතන්නැ මං කවදාවත් කාගෙන්වත් යැපෙන්න
වැටුනා රිදෙන්න ඒකයි නැගිට්ටේ දැනෙන්න
හීනෙකින්වත් ආසාවක් නෑ ආයෙමත් වැටෙන්න
ඇතී..ලියන්නෑ මං අකුරක්වත් ඇත්තක් ඇරෙන්න
කියන්නෑ මං වචන වැරැද්දක් වැහෙන්න
ඉල්ලන්නෑ මොකුත් මං ඉඩ දෙනවා ලැබෙන්න
තියන්නෑ කියන්නෑ දන්නෑ කියන්න බෑ දෙන්න
ගිලුනත් ආයේ මතු වුණා ගිලුනු තැනින්ම
ගොඩට ආවා ආයෙමත් මුහුදට ගියේ නැවෙන්ම
මුවහත් වෙන්න තව තවත් සිද්ද වුණා තැලෙන්න
වැරදීමයි පන්නරයක් වුණේ රැඳෙන්න
ගමන පටන් ගත්තේ මම යටම තැනෙන්ම
ඒකයි ආස නැත්තේ දෙවියෝ ගාවවත් නැවෙන්න
පෙළ ගස්සන්නේ වදන් රිදෙන්න නෙමෙයි හැඟෙන්න
හේතුව ඒක වෙන්න ඇති ඇස්වලින් කඳුලු හැලෙන්න
[chorus: suwahas]
යං යං යං හීනෙට ඇවිදන් යන්
මන්දාකිනියම පීරන්
යං යං යං හීනෙට ඇවිදන් යන්
මන්දාකිනියම පීරන්
Random Lyrics
- gleb lav33 - давай тусить как будто... lyrics
- marcelinho de lima - meu ex amor lyrics
- пазнякс (pazniax) & xxxsanek - счастье аутро (happiness outro) lyrics
- dora (postigo) & marlon collins - rákata lyrics
- kaza - solo béton lyrics
- z3ak - bugs lyrics
- lepi mića - avlija lyrics
- enrique anaut - maría josé lyrics
- kittens (band) - pluto lyrics
- she money - you know it lyrics