
spike universe - pãnã gõmara sinã (පානා ගෝමර සිනා) lyrics
පානා ගෝමර සිනා
ඉඳුනිල් මිනි පරදනා
වැයෙනා වරලස සොබා
රැව්දෙයි ඉරු සඳු වසා
කිඳුරිය නලවයි රටා වටකර සිහිනිඟ වටා
නැලවෙයි විහගුන් පවා කිව් ගී තාලය අසා
පායා, පුරසදු සේ වත පීරා, රන්කෙදි සේ හිස රන්දම්, පරදන සිනහව මන්මත් කරයි
කුමරියේ, දැක නුඹෙ සිනහව වරලසේ, අඩවන් වී රන් හිරු මෙසේ, රන්කෙදි හකුලා සැඟවිය ගිරි අතරේ
තරු වටකර පෑ සඳේ, උදුරා ගෙන රැස් නුඹේ, පුරවා අසුරෙන් ඔහේ, ඉසිනෙමි ඇගේ පා වටේ
කීකරු නැතිවිය සිතේ, දුටුවිට විසිතුරු ගතේ
පඳවැල් ඇවිදින් ඔහේ, ලියවෙයි කවිවැල් මෙසේ
පානා ගෝමර සිනා
ඉඳුනිල් මිනි පරදනා
වැයෙනා වරලස සොබා
රැව්දෙයි ඉරු සඳු වසා
කිඳුරිය නලවයි රටා වටකර සිහිනිඟ වටා
නැලවෙයි විහගුන් පවා කිව් ගී තාලය අසා
අරුමෝසම් වැසි ගෙනඑන මඳනල
විහිදයි සිකිපිල විලසින් වරලස
නොපිපී දිදුලන පියුමන් නුඔ හට ඊර්ෂ්‍යා කරයි
සළුපටින්, ඔසවනු මැන සුදු හංසයින්
වරුසා මැද කෙහෙ රැලි තුලින්, පෙන්වනු මැන සුදු ලැම නුඹෙ රඟන තරම්
දහවල අදුරුය ලඳේ, නුඹෙ වත සඳ සේ දිලේ
සිහිනෙන් ඇවිදින් නුඹේ, ළැම රස විදිනට සිතේ
කිව මැන හැබැහින් ලදේ
හිරු සඳු දිව්රා හිසේ
රන්මුදු දැමුමට ඔඹේ, පින්මදි වේදෝ මගේ
පානා ගෝමර සිනා
ඉඳුනිල් මිනි පරදනා
වැයෙනා වරලස සොබා
රැව්දෙයි ඉරු සඳු වසා
කිඳුරිය නලවයි රටා වටකර සිහිනිඟ වටා
නැලවෙයි විහගුන් පවා කිව් ගී තාලය අසා
වැයෙනා පදයට මගේ, රඟනා විට ඔමරිගේ
පිරිපුන් පියුමන් ඔහේ, නැලවෙයි නාඔර ඇගේ
දැක ඒ රුසිරූ ගතේ, සිහිනෙනේ සිහිවී පෙනේ
සිත කිරි උතුරා ගියේ, නොදැනිම නිදි උන් පැලේ
පානා ගෝමර සිනා
ඉඳුනිල් මිනි පරදනා
වැයෙනා වරලස සොබා
රැව්දෙයි ඉරු සඳු වසා
කිඳුරිය නලවයි රටා වටකර සිහිනිඟ වටා
නැලවෙයි විහගුන් පවා කිව් ගී තාලය අසා
Random Lyrics
- mikael santos - deixa eu falar pra você lyrics
- مدحت صالح - ana fo2t - أنا فوقت - medhat saleh lyrics
- babusya80 - аномалія lyrics
- 5lives - моя галерея lyrics
- dorian electra - happy ending (demo) lyrics
- black n white - last roar lyrics
- biteisme - death of life (live) lyrics
- motorpsycho - laird of heimly lyrics
- alice chater - lonewolf lyrics
- jace! - back against the wall lyrics