
supun perera feat. charitha attalage - surath suwaya lyrics
Loading...
නිල් වරල පුරා මල් අතුරලා
බිඟුන් මත් කරනා
රන් මුව මඩලින් රැස් විසිරුවා
තොඩුන් දිදුලවනා
නිම් නාද දී යන සත් ස්වරයෙන්
දෙසවන් සිල් බිඳිනා
හදසෙන් වැදී ගජසෙන් මඬිනා
දෙව්ලියේ ඔබ කවුද
ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයෙන්
බැස කිමිදෙන්න
දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
සුරත් සුවය විඳගන්න
මල් මකරන්දයෙන් නා දලු තෙමා
මීවිත බොන්න
පෝ සඳ අසලින් පුන් සඳ තියා
සාවුන් සිපගන්න
හද හද බැඳී ගත ගත වෙලී යන
මේ රැය පුරාවට
වීණා වැයුමට සකි පන්සිළු හට
ඇරයුම් කරන්නද
ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයෙන්
බැස කිමිදෙන්න
දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
සුරත් සුවය විඳගන්න
මේ නදුන් උද්යානයේ
දැහැනින් සුවය වින්ද
සිත බොලද වෙයි සසැලෙයි
සොඳුරියේ නුඹ නිසාමද
ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයේ
කිමිදෙන්න
දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
විඳගන්න
Random Lyrics
- ruzzy - carcaça (remix) lyrics
- aint afraid - we will breathe lyrics
- wizkid - skin tight (remix) lyrics
- joaquin caste - hiding lyrics
- telo712 - coca wit da ina lyrics
- emmure - informal butterflies lyrics
- kodamilo - lost (interlude) lyrics
- orlvndo - bella come napoli lyrics
- land of the loops - my head (leaks) lyrics
- rita guerra - a minha defesa lyrics