
umaria - raagi raagi lyrics
Loading...
රාගී රාගී සඳ පායා දම්
ගෑවී ගෑවී තරුවක් දල්වම්
තාමත් දැන් හිත හිත මං හීනය විමසම්
පළඳා මල් නුඹ එනකන් බලා අනන්තේ
මන මන කළඹන මනෝ කරත්තේ
ග+ගානු නුරා මූණ තෙමා දෑස දෙපැත්තේ
එන්න හාද වෙලා
ඉමු වාඩි වෙලා
ගමු හාදු බෙදා
අපි සොයා අනන්තේ
හොඳ කාලේ… අන්ධකාරේ
හොඳ කාලේ ආලේ අන්ධකාරේ
සඳ මාගේ… සොයා ආවේ
සඳ මාගේ සාරේ සුරා දහරේ
මත් වූ දා ආලේ… කර්තෘ නුඹ මාගේ…
මල මල විකසිත හැඟුම් වසන්තේ
දෑස පුරා පේන තුරා පාළු නොමැත්තේ
හිත පාට කළා
තරු යාය බලා
මයි ළඟට වෙලා
අපි සොයා අනන්තේ
හොඳ කාලේ… අන්ධකාරේ
හොඳ කාලේ ආලේ අන්ධකාරේ
සඳ මාගේ… සොයා ආවේ
සඳ මාගේ සාරේ සුරා දහරේ
Random Lyrics
- skippy - with you lyrics
- gabriel brito - amém (amén) lyrics
- loopcinema - tragedy: comedy lyrics
- zenith (spain) - loco por vivir lyrics
- maria faiola - manifesto lyrics
- topazz - stage right lyrics
- yeşim salkım - bu ne biçim aşk lyrics
- vargo - линовый слой (lean layer) lyrics
- eric dale - do you really love me lyrics
- fl0cals - wpd lyrics