azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

anjalee methsara – naada sural lyrics

Loading...

තුරු සැලෙනා මද පවනා සුවය සදා දේ
වතු සුද්ද පොකුරු මල් වියන් තෙරේ
පිනි වහිනා කඳු දෙසිනා තුහින දසන්තේ
අපෙ ගම්පියසේ සොඳුරු වසන්තේ

ආදර හීනය මැවෙන දැනෙන හැඟුමන් දෙන
රෑ සඳ පායන රැයම සොඳුරු සිත්තම් ලන//

නාද සුරල් තාල අරන් පාද තබන්නී
ගලන ගඟුල් බුබුළු දමන් සිරිය නගන්නී
හිරු එළිය පැළැන්දූ කඳු සිඛර සිරින් රූ//
සියොතුන් රංචු ගැහෙන සිංදු කියන සාදයේ
බඹරුන් රොනට වඩින ගුමු ගුමුවයි දිගන්තේ//
හදවතසේ අපේ ගම්මානෙට ආදරේ
අ⁣ප සිත් නිවා දමන දිව්‍ය විමානේ

නාද සුරල් තාල අරන් පාද තබන්නී
ගලන ගඟුල් බුබුළු දමන් සිරිය නගන්නී
හිරු එළිය පැළැන්දූ කඳු සිඛර සිරින් රූ//

සියපත් පොකුරු පිපෙන සුවඳ සලන විල්දියේ
තරුමල් වියන මවන රැය දිදුලයි නිදැල්ලේ //
හදවතසේ අපේ ගම්මානෙට ආදරේ
අ⁣ප සිත් නිවා දමන දිව්‍ය විමානේ

ආදර හීනය මැවෙන දැනෙන හැඟුමන් දෙන
රෑ සඳ පායන රැයම සොඳුරු සිත්තම් ලන//

නාද සුරල් තාල අරන් පාද තබන්නී
ගලන ගඟුල් බුබුළු දමන් සිරිය නගන්නී
හිරු එළිය පැළැන්දූ කඳු සිඛර සිරින් රූ//



Random Lyrics

HOT LYRICS

Loading...