ashan fernando - sandawathiye lyrics
සඳ රූරා හීන සේයා
නෙතු පායා මායාව විහිදා
නිදි වරනා පාළු හෝරා
මට නුඹ හා විඳගන්න ඕනා
සඳ දිය දහරා හදවත පාරා
මගේ සඳ කිඳුරී මා ගාව පායා
සිතුවිලි පීරා ලය පිරිමදිනා
දිගු නිල් දෑසේ මායාවේ ගිලුණා
සඳ වතියේ…
සඳ වතියේ…
පායා තරු කැට වීණා
හීනේ සියොළඟ රැඳුනා
ඝණ අඳුරේ මා හා පිය මනිනා
අරුමොසම් දෑසට වහ වැටුණා
සෙවනැලි මාවතේ සැඟවෙන්නෙපා
කවිකාර පෙම දෝරෙ ගැලුවා
සඳ වතියේ නුඹගේ සෙනෙහේ සුසුම් ඇහැරුණා
රහසේ කාලය ගෙවනා
මායා සිහිනයේ රැඳිලා
සඳ සෙවනේ නුඹ හා නෙතු පටලා
ආදරයේ මීවිත අයදිනවා
සෙවනැලි මාවතේ සැඟවෙන්නෙපා
කවිකාර පෙම දෝරෙ ගැලුවා
සඳවතියේ නුඹගේ සෙනෙහේ සුසුම් ඇහැරුණා
සඳ රූරා හීන සේයා
නෙතු පායා මායාව විහිදා
නිදි වරනා පාළු හෝරා
මට නුඹ හා විඳගන්න ඕනා
සඳ දිය දහරා හදවත පාරා
මගේ සඳ කිඳුරී මා ගාව පායා
සිතුවිලි පීරා ලය පිරිමදිනා
දිගු නිල් දෑසේ මායාවෙ ගිලුණා
සඳ වතියේ…
සඳ වතියේ…
සඳ වතියේ…
සඳ වතියේ…
Random Lyrics
- אניה בוקשטיין - yeled o gever - ילד או גבר - ania bukstein lyrics
- yassy t. - naive lover lyrics
- mary's restless dream - cure my disease lyrics
- elixir, katrina kope - eye for an eye lyrics
- tyler quintanilla - algedonic lyrics
- kayou. - give me a purpose lyrics
- renni rucci - bag talk lyrics
- damascus worship - trae tu fuego lyrics
- tokyo police club - orbit lyrics
- kiddsan - veo lyrics