azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

hyper lord – sarthaka minisek lyrics

Loading...

මට යන්න ඕනේ හැමදේම කරන් සුනු විසුනු
ආසාවල් බර ගාණක් හිතේ පිරුණු
පවුල විතරයි වැදගත් වෙන කවුරුත් නෑ හදේ ඉතුරු
පෙන්නන්නම් වෙලා මිනිහෙක් සාර්ථකේ ඉතිරුණු

එක පාර කවුරුවත් වෙන්නේ නෑ සාර්ථක
බුදු හිමියනුත් ගෙව්වා අවුරුදු හතක් දුශ්කර
නක්කලේ දාන අයට ගලපන්නේ මම මේ පද පෙළ
වැටි වැටි තමා නැගිට්ටේ උපන් දා සිට

නවතන්න බෑ දැන් මම යන ගමන
ඇරඹුමටම පෙර පිරික්සුවා මං තුළම
බාධක පැමිණුනත් සිය දහස් පෙරට
නොසැලී යනවා හරි පාරෙම මෙමම

යාළුවෝ ගොඩක් හිටියනේ ඉස්සර වට වෙලා
ආශ්‍රය කෙරුවනේ සැම කෙනා කරේ දමා
කැපිලි හින්දම අලුත්වැඩි වුනා මෙමා
මීටරෙන් බලන් ඉන්නේ හිටියත් මං ළං වෙලා

සිතුවට එක තැන ලෝකේ…
කැරකෙනවනේ වගේ බෝලේ…
මිනිසුන් අන්න ඒ වාගේ…
නොදැනී විපරිත වෙන්නේ…

සිතුවට එක තැන ලෝකේ…
කැරකෙනවනේ වගේ බෝලේ…
කවුරුත් අන්න ඒ වාගේ…
දැන්වත් තේරුම් ගන්නේ…
නින්දෙන් දැක්කත් සුන්දර හීන
ආයේ හොයන්න ගියේ නෑ පීර පීර
ඇස් ඇරන් බලන්නේ මම මගේ අපර
කාටත් පෙනිලා කියාවි අඩේ පාර

වාසි අතට මං නැවෙන්නේ නෑ
අනුන්ගේ පහන් මට ආදාළ නෑ (හහ් හහ්)
නාස්ති වෙලා හැදෙන්න කාලයක් නෑ
මම ඒකයි මුළ ඉඳන්ම හරි ගමනේ ඈ

නින්දක් නෑ රෑ එළි වෙනකන්
හිතනවා ඉස්සරහට මොනා කරන්නේ මං
කවුරුවත් ඕනේ නෑ අත දෙන්නට නම්
ලොකුකම නෙමේ ඒ මගේ විශ්වාසේ බං
ජීවිතේ තියෙන්නේ විඳින්න නම්
ඇයි දන්නේ නෑ සමහරු විඳවන්නේ බං
ඕනේ මට ජීවිතේ දිනන්න බං
සාර්ථක වෙලා මම කවුරුත් කරනවා හොල්මන්

සිතුවට එක තැන ලෝකේ…
කැරකෙනවනේ වගේ බෝලේ…
මිනිසුන් අන්න ඒ වාගේ…
නොදැනී විපරිත වෙන්නේ…

සිතුවට එක තැන ලෝකේ…
කැරකෙනවනේ වගේ බෝලේ…
කවුරුත් අන්න ඒ වාගේ…
දැන්වත් තේරුම් ගන්නේ…



Random Lyrics

HOT LYRICS

Loading...