azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

pramoth ganearachichi – paawee athata lyrics

Loading...

පාවී ඈතට සිහිනය ඔස්සේ
මගෙ හදවත ගැඹුරම ගැස්සේ
මට සඟවන්න බෑ ආදරේ
මාගේ සිතුවිලි තුන් පෑ තිස්සේ
සිත තෙමුනා සෝදුක් වැස්සේ
අද ලසොවින් තැවෙයි ජීවිතේ

නුඹෙ මතක ගිනි චිතක තුල දැවිලා
අළු වෙන්නෙ නෑනේ
මට දැනෙන දුක් කඳුල කිසි දිනක
නවතින්නෙ නෑනේ
ඇයිදෝ මෙසේ මා හැර ගියේ
රහසින්ම දෙව්ලොව බලා
අම්මා මගේ නිම්මා නොවේ
නුඹ දුන්නු ආදරය රෑ දිවා

මම යනෙන හැම තැනම රුව මැවිලා
ළඟ ඉන්නවානේ
හිත රිදෙන හැම විටම නුඹ ළඟය
මට දැනෙනවානේ

පාවී ඈතට සිහිනය ඔස්සේ
මගෙ හදවත ගැඹුරම ගැස්සේ
මට සඟවන්න බෑ ආදරේ

සැමදා රැයේ නුබෙ රුව මැවේ
දෑසේම කදුලැල් මවා
දෙව් ලෝතලේ සැනසුම ලැබේ
මට නිමල දරු සෙනෙහේ පෑනිසා

මම යනේන හැමතැනම රුව මැවිලා
ලග ඉන්නවානේ
හිත රිදෙන හැම විටම නුබ ලගය
මට දැනෙනවානේ

පාවී ඈතට සිහිනය ඔස්සේ
මගෙ හදවත ගැඹුරම ගැස්සේ
මට සඟවන්න බෑ ආදරේ
මාගේ සිතුවිලි තුන් පෑ තිස්සේ
නුබ සෙව්වා ආදර අම්මේ
අද ලසොවින් තැවෙයි ජීවිතේ
නුඹෙ මතක ගිනි චිතක තුල දැවිලා
අළු වෙන්නෙ නෑනේ
මට දැනෙන දුක් කඳුල කිසි දිනක
නවතින්නෙ නෑනේ



Random Lyrics

HOT LYRICS

Loading...